Thursday, December 20, 2012

භූ කම්පන තරංග ගැන දැනගමු..

       ලෝක විනාසෙ වෙන්නෙත් බූමි කම්පාවක් නිසා කියල ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්න නිසාත් ගොඩක් රටවලට වගේම ළඟක ඉඳන් ලංකාවටත් අළුතින් භූමි කම්පා එන්න පටන්ගෙන තියෙන නිසාත්භූමි කම්පා ගැන ටිකක් ලියන්න හිතුවා.. සමහරවිට ඔයාල මේ ගැන දන්නවත් ඇති..

       භූ කම්පනයක් ඇති වෙන්නේ පොළව තුළ ඇතිවන පිපුරුමක් හරි එහෙමත් නැත්නම් පාෂාණ ස්ථර අතර ඇතිවෙන චලනයක් නිසා හටගන්නා ශක්ති තරංග වලින්.. මේවාට භූ කම්පන තරංග නියල හඳුන්වනව..

         මේ තරංග පිළිබඳ අධ්‍යනය කරන විද්‍යාවට භූ කම්පන විද්‍යාව (Seismology) කියල කියනව.. භූ කම්පන තරංග ගමන් කරන ආකාරය අනූව ප්‍රධාන වර්ග දෙකක් හදුන්වල දෙන්න පුළුවන්.

  1. දේහ තරංග (Body Waves)
  2. පෘෂ්ඨීක තරංග (Surface Waves)
මේ ගැන දැන් වෙන වෙනම බලමු...

01). දේහ තරංග 

        මේ තරංග වර්ගය ගමන් කරන්නෙ පෘථිවිය අභ්‍යන්තරයෙන්.. ඕනම භූ කම්පනයකදී ඒ තැනට ඉස්රලම ළඟා වෙන්නේ මේ තරංග විශේෂයයි. ‍මෙම දේහ තරංග වල සංඛ්‍යාතය (frequency) ද පෘෂ්ඨික තරංග වලට වඩා වැඩියි..  මේවා තවත් අනු වර්ග දෙකකට බෙදෙනවා..
  1. P-තරංග( ප්‍රාථමික තරංග-Primary Waves)
  2. S-තරංග (ද්වීතීක තරංග-Secondary Waves)

i).ප්‍රාථමික තරංග

    මෙම තරංග වල වේගය ඉතා විශාලයි. ඝණ පාශාණ, ද්‍රව ස්ථර වගේ දේවල් හරහා යන්න පුළුවන් මේ ප්‍රාථමික තරංග වලට.. ධ්වනි තරංග වාතය  තුළ ගමන් කරන ආකාරයට මේ තරංග වලට පාෂාණ සම්පීඩනය විරලනය කරමින් ඒ හරහා ගමන්කරන්න පුළුවන්.. මේ නිසා මේවා සම්පීඩන තරංග ලෙසත් හඳුන්වනවා..

 
ඔය උඩ පින්තූරෙන් පෙනෙන්නෙ ප්‍රාථමික තරංගයක් සාෂාණ හරහා ගමන් කරන ආකාරය
ඊළඟ පිංතූරෙන් ද්වීතීක තරංගයක් යන ආකාරය පෙන්නනවා
පිංතූරය ගත්තෙ මෙතනින්.


සමහර සතුන්ට මේ ප්‍රාථමික තරංග ග්‍රහනය කරගන්න පුළුවන්.. සුනාමියෙන් යාලෙ හිටපු ගොඩක් සතුන් බේරුණේ ඒ නිසා..

ii).S-තරංග (ද්වීතීක තරංග-Secondary Waves)

         මෙම තරංග වල වේගය ප්‍රාථමික තරංග වල වේගයට වඩා අඩුයි.. ගමන් කිරීමේ හැකියාව තියෙන්නෙ ඝණ පාෂාණ හරහා විතරයි.. ද්‍රව හරහා මේවාට යන්න බැහැ.. මේවා ගමන් කරන්නේ පාෂාණ තට්ටු ඉහළට හා පහළට තල්ලු කරමින්.. ඒ නිසා මේවා තීර්යක් තරංග විශේෂයක්


ඊළඟ පෝස්ට් එකෙන් පෘෂ්ඨීක තරංග ගැන කතා කරමු...

Wednesday, November 14, 2012

පළමු පාඩම නෙවෙයි

           මේ පටන් ගන්න හදන්නේ භෞතික විද්‍යා පාඩමක් නම් නෙවෙයි. එක මුලින්ම කියල ඉන්න ඕනේ.        
             මේ  බ්ලොග් එකක් පටන්ගන්න හිතුවේ  ඉස්සර ඉඳල හිතෙන එක එක දේවල් ලියල තියාගත්තේ නැති නිසාත්,  ඒ හිතිච්ච දේවල් බෙදාගත්තේ යාළුවොත් එකක විතරක් නිසා ත් කියන කරුණු දෙක නිසා. ඒ කාලේ අපි කෙමිස්ට්‍රි වලට එහෙම අමුතු අමුතු පරිවර්තන එහෙම කළා . මේ  හදන්නේ ඒවා. ඒ ලෙවල් කරන එවුන් මේවා කියවල විභාගෙට එහෙම ලියනවා නෙවෙයි.