Thursday, January 3, 2013

ඇත්තටම බර වැඩි යකඩ කිලෝවද? පුළුන් කිලෝවද?



ඇත්තටම බර වැඩි යකඩ කිලෝවද? පුළුන් කිලෝවද?

මොකද හිතෙන්නෙ?
                                    දෙකේම බර සමානයි
                        තීරණේට එන්න කළින් මේ මුළු ලිපියම කියවන්න..
           
කිලෝ ග්රෑම් එකක් කියනනෙ මොකක්ද?
                        අර්ථ දක්වල තියෙන්නෙ මෙහෙමයි...
                       
                                    "සම්මත තත්වයන් යටතේ පැරීසියේ ජාත්යන්තර භාර හා මිනුම් කාර්යාන්ශයේ තබා ඇති එක්තරා ප්ලැටිනම් ප්රමාණයක ස්කන්ධයයි."
                                   
                        අර්ථ දැක්වීම අනූව පෙනෙනවා කිලෝ ග්‍රෑමය කියන ඒකකයෙන් මනින්නේ ස්කන්ධයක් බව..

 පිංතූරෙ මෙතනින් සහ මෙතනින් ගෙන එඩිට් කරන ලදි..

ස්කන්ධයක් කියන්නෙ මොකක්ද?
           
                        ස්කන්ධය කියන්නෙ යම් වස්තුවක (යම් වස්තුවක් කියන්නෙ අපි කතාකරන පද්ධතිය) තියෙන පදාර්ථ ප්‍රමාණය.. ඒ කියන්නෙ කොච්චරක් විතර පරමාණු අණු තියෙනවද කියන එක..

එතකොට බර කියන්නෙ මොකක්ද?
           
                        බර කියන්නෙ බලයක්.. මේ ස්කන්ධයේත් ගුරුත්වාකර්ෂණයේත් බලපෑම නිසා ඇතිවන බලයක්.. බලය මනින්නෙ නිව්ටන් වලින් කියල ඔයා දන්නව ඇති.. ඒක කිලෝ ග්‍රෑම් එකකට නිවුටන් දහයක් වෙනව ආසන්නව..

                        දැන් අපි පැහැදිලිව දැනගත්ත ස්කන්ධයයි බරයි කියන්නෙ දෙකක් කියල..

එහෙනම් අපි ආයිමත් මාතෘකාවට එමු.. අපි තරාදියක දාල මනින්නෙ වස්තුවක බරයි.. ඒ මනින්නෙත් සන්සන්දනාත්මකව.. අපිට ස්කන්ධය මනින්න ඒ වගේ සරල ක්‍රමයක් නැහැ.. ස්කන්ධය මනින්න ඕනෙමනම් ඒකට අපිට බට්ටෙක්ගෙ (අර ඔරලෝසු කටුවට පහළින් එල්ලෙන්නේ..) ස්කන්ධය හොයාගන්න ඕන කරන වස්තුව ගැට ගහල දොලනය වෙන්න ඇරල ආවර්ථ කාලය ගණනය කරල හොයාගන්න පුළුවන්..

හොඳයි... අපි එහෙම හොයාගත්ත කිලෝ එකක ස්කන්ධයක් තියෙන පුළුන් කිලෝවකුයි යකඩ කිලෝවකුයි තියෙනව කියල හිතමු.. ඒ දෙක බඩු කිරන තරාදියක දාල කිරාගන්නව කියලත් හිතමු..

එහෙනම් දැන් කියන්න පුළුවන්ද බලන්න කවුද බර වැඩි කියල... ඒ කියන්නෙ තරාදියේ උඩින් ඉන්නෙ කවුද? පහළින් ඉන්නෙ කවුද?
හරියටම කියුවොත්
                        යකඩ එතනදිත් බර වැඩියි... ඒ කියන්නෙ යකඩ තියෙන තරාදි තැටිය පහළිනුයි තියෙන්නේ...

මං එහෙම කියන්නෙ කොහොමද?

                        බර කිරද්දි අපි උඩුකුරු තෙරපුම කියන බලය අමතක කරල දැම්ම.. අපි ජීවත් වෙන්නෙ වායු සාගරයක පතුලේ.. ඒ නිසා සැලකියයුතු උඩුකුරු තෙරපුම් බලයක් වාතය මගින් පුළුන් ගෝනිය වෙත එල්ල කරනවා..

අපි ප්ලාස්ටික් බෝලයක් වතුරට දැම්මොත් ඒක පාවෙන්නෙ ප්‍රධානව මේ උඩුකුරු තෙරපුම නිසා.. පුළුන් ගෝනිය ලොකු පරිමාවක් ඇති නිසා ඒ මත වාතය මගිනුත් මීට සමාන ව කුඩා උඩුකුරු තෙරපුමක් ඇති කරනවා.. ඒ නිසා පුළුන් තියන තරාදි තැටිය ඉතා සුළු වශයෙන් ඉහළිනුයි පිහිටන්නේ...

ඒත් අපිට මේක ප්‍රායෝගිකව අත්විදින්න වෙන්නෙ නෑ... මොකද නිවැරදිව ස්කන්ධය කිරාගත හැකි සරල ක්‍රමයක් නැති නිසා.....

දැන් තේරෙනවනේ......... ස්කන්ධය සමාන වුණ පළියට පුළුන් කිලෝවෙයි යකඩ කිලෝවෙයි බර සමාන නෑ කියල...

----------------------------------------------------------------------------------------------------

යාන්ත්‍රිකයාගේ යාන්ත්‍රික ඉඟිවැකි දැනගන්න යාන්ත්‍රික සිතිවිල්ල කියවන්න...

Thursday, December 20, 2012

භූ කම්පන තරංග ගැන දැනගමු..

       ලෝක විනාසෙ වෙන්නෙත් බූමි කම්පාවක් නිසා කියල ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්න නිසාත් ගොඩක් රටවලට වගේම ළඟක ඉඳන් ලංකාවටත් අළුතින් භූමි කම්පා එන්න පටන්ගෙන තියෙන නිසාත්භූමි කම්පා ගැන ටිකක් ලියන්න හිතුවා.. සමහරවිට ඔයාල මේ ගැන දන්නවත් ඇති..

       භූ කම්පනයක් ඇති වෙන්නේ පොළව තුළ ඇතිවන පිපුරුමක් හරි එහෙමත් නැත්නම් පාෂාණ ස්ථර අතර ඇතිවෙන චලනයක් නිසා හටගන්නා ශක්ති තරංග වලින්.. මේවාට භූ කම්පන තරංග නියල හඳුන්වනව..

         මේ තරංග පිළිබඳ අධ්‍යනය කරන විද්‍යාවට භූ කම්පන විද්‍යාව (Seismology) කියල කියනව.. භූ කම්පන තරංග ගමන් කරන ආකාරය අනූව ප්‍රධාන වර්ග දෙකක් හදුන්වල දෙන්න පුළුවන්.

  1. දේහ තරංග (Body Waves)
  2. පෘෂ්ඨීක තරංග (Surface Waves)
මේ ගැන දැන් වෙන වෙනම බලමු...

01). දේහ තරංග 

        මේ තරංග වර්ගය ගමන් කරන්නෙ පෘථිවිය අභ්‍යන්තරයෙන්.. ඕනම භූ කම්පනයකදී ඒ තැනට ඉස්රලම ළඟා වෙන්නේ මේ තරංග විශේෂයයි. ‍මෙම දේහ තරංග වල සංඛ්‍යාතය (frequency) ද පෘෂ්ඨික තරංග වලට වඩා වැඩියි..  මේවා තවත් අනු වර්ග දෙකකට බෙදෙනවා..
  1. P-තරංග( ප්‍රාථමික තරංග-Primary Waves)
  2. S-තරංග (ද්වීතීක තරංග-Secondary Waves)

i).ප්‍රාථමික තරංග

    මෙම තරංග වල වේගය ඉතා විශාලයි. ඝණ පාශාණ, ද්‍රව ස්ථර වගේ දේවල් හරහා යන්න පුළුවන් මේ ප්‍රාථමික තරංග වලට.. ධ්වනි තරංග වාතය  තුළ ගමන් කරන ආකාරයට මේ තරංග වලට පාෂාණ සම්පීඩනය විරලනය කරමින් ඒ හරහා ගමන්කරන්න පුළුවන්.. මේ නිසා මේවා සම්පීඩන තරංග ලෙසත් හඳුන්වනවා..

 
ඔය උඩ පින්තූරෙන් පෙනෙන්නෙ ප්‍රාථමික තරංගයක් සාෂාණ හරහා ගමන් කරන ආකාරය
ඊළඟ පිංතූරෙන් ද්වීතීක තරංගයක් යන ආකාරය පෙන්නනවා
පිංතූරය ගත්තෙ මෙතනින්.


සමහර සතුන්ට මේ ප්‍රාථමික තරංග ග්‍රහනය කරගන්න පුළුවන්.. සුනාමියෙන් යාලෙ හිටපු ගොඩක් සතුන් බේරුණේ ඒ නිසා..

ii).S-තරංග (ද්වීතීක තරංග-Secondary Waves)

         මෙම තරංග වල වේගය ප්‍රාථමික තරංග වල වේගයට වඩා අඩුයි.. ගමන් කිරීමේ හැකියාව තියෙන්නෙ ඝණ පාෂාණ හරහා විතරයි.. ද්‍රව හරහා මේවාට යන්න බැහැ.. මේවා ගමන් කරන්නේ පාෂාණ තට්ටු ඉහළට හා පහළට තල්ලු කරමින්.. ඒ නිසා මේවා තීර්යක් තරංග විශේෂයක්


ඊළඟ පෝස්ට් එකෙන් පෘෂ්ඨීක තරංග ගැන කතා කරමු...

Wednesday, November 14, 2012

පළමු පාඩම නෙවෙයි

           මේ පටන් ගන්න හදන්නේ භෞතික විද්‍යා පාඩමක් නම් නෙවෙයි. එක මුලින්ම කියල ඉන්න ඕනේ.        
             මේ  බ්ලොග් එකක් පටන්ගන්න හිතුවේ  ඉස්සර ඉඳල හිතෙන එක එක දේවල් ලියල තියාගත්තේ නැති නිසාත්,  ඒ හිතිච්ච දේවල් බෙදාගත්තේ යාළුවොත් එකක විතරක් නිසා ත් කියන කරුණු දෙක නිසා. ඒ කාලේ අපි කෙමිස්ට්‍රි වලට එහෙම අමුතු අමුතු පරිවර්තන එහෙම කළා . මේ  හදන්නේ ඒවා. ඒ ලෙවල් කරන එවුන් මේවා කියවල විභාගෙට එහෙම ලියනවා නෙවෙයි.