ඇත්තටම
බර වැඩි යකඩ කිලෝවද? පුළුන් කිලෝවද?
මොකද
හිතෙන්නෙ?
දෙකේම බර සමානයි
තීරණේට එන්න කළින් මේ මුළු ලිපියම කියවන්න..
කිලෝ
ග්රෑම් එකක් කියනනෙ මොකක්ද?
අර්ථ දක්වල තියෙන්නෙ මෙහෙමයි...
"සම්මත තත්වයන් යටතේ පැරීසියේ ජාත්යන්තර භාර හා මිනුම් කාර්යාන්ශයේ තබා ඇති එක්තරා ප්ලැටිනම් ප්රමාණයක ස්කන්ධයයි."
ඒ අර්ථ දැක්වීම අනූව පෙනෙනවා කිලෝ
ග්‍රෑමය කියන ඒකකයෙන් මනින්නේ ස්කන්ධයක් බව..
ස්කන්ධයක් කියන්නෙ මොකක්ද?
ස්කන්ධය
කියන්නෙ යම් වස්තුවක (යම් වස්තුවක් කියන්නෙ අපි කතාකරන පද්ධතිය) තියෙන පදාර්ථ ප්‍රමාණය..
ඒ කියන්නෙ කොච්චරක් විතර පරමාණු අණු තියෙනවද කියන එක..
එතකොට බර කියන්නෙ මොකක්ද?
බර
කියන්නෙ බලයක්.. මේ ස්කන්ධයේත් ගුරුත්වාකර්ෂණයේත් බලපෑම නිසා ඇතිවන බලයක්.. බලය
මනින්නෙ නිව්ටන් වලින් කියල ඔයා දන්නව ඇති.. ඒක කිලෝ ග්‍රෑම් එකකට නිවුටන් දහයක්
වෙනව ආසන්නව..
දැන්
අපි පැහැදිලිව දැනගත්ත ස්කන්ධයයි බරයි කියන්නෙ දෙකක් කියල..
එහෙනම් අපි ආයිමත් මාතෘකාවට එමු.. අපි
තරාදියක දාල මනින්නෙ වස්තුවක බරයි.. ඒ මනින්නෙත් සන්සන්දනාත්මකව.. අපිට ස්කන්ධය
මනින්න ඒ වගේ සරල ක්‍රමයක් නැහැ.. ස්කන්ධය මනින්න ඕනෙමනම් ඒකට අපිට බට්ටෙක්ගෙ (අර
ඔරලෝසු කටුවට පහළින් එල්ලෙන්නේ..) ස්කන්ධය හොයාගන්න ඕන කරන වස්තුව ගැට ගහල දොලනය
වෙන්න ඇරල ආවර්ථ කාලය ගණනය කරල හොයාගන්න පුළුවන්..
හොඳයි... අපි එහෙම හොයාගත්ත කිලෝ එකක
ස්කන්ධයක් තියෙන පුළුන් කිලෝවකුයි යකඩ කිලෝවකුයි තියෙනව කියල හිතමු.. ඒ දෙක බඩු
කිරන තරාදියක දාල කිරාගන්නව කියලත් හිතමු..
එහෙනම් දැන් කියන්න පුළුවන්ද බලන්න
කවුද බර වැඩි කියල... ඒ කියන්නෙ තරාදියේ උඩින් ඉන්නෙ කවුද? පහළින් ඉන්නෙ කවුද?
හරියටම කියුවොත්
යකඩ
එතනදිත් බර වැඩියි... ඒ කියන්නෙ යකඩ තියෙන තරාදි තැටිය පහළිනුයි තියෙන්නේ...
මං එහෙම කියන්නෙ කොහොමද?
බර
කිරද්දි අපි උඩුකුරු තෙරපුම කියන බලය අමතක කරල දැම්ම.. අපි ජීවත් වෙන්නෙ වායු
සාගරයක පතුලේ.. ඒ නිසා සැලකියයුතු උඩුකුරු තෙරපුම් බලයක් වාතය මගින් පුළුන් ගෝනිය
වෙත එල්ල කරනවා..
අපි ප්ලාස්ටික් බෝලයක් වතුරට දැම්මොත්
ඒක පාවෙන්නෙ ප්‍රධානව මේ උඩුකුරු තෙරපුම නිසා.. පුළුන් ගෝනිය ලොකු පරිමාවක් ඇති
නිසා ඒ මත වාතය මගිනුත් මීට සමාන ව කුඩා උඩුකුරු තෙරපුමක් ඇති කරනවා.. ඒ නිසා
පුළුන් තියන තරාදි තැටිය ඉතා සුළු වශයෙන් ඉහළිනුයි පිහිටන්නේ...
ඒත් අපිට මේක ප්‍රායෝගිකව අත්විදින්න
වෙන්නෙ නෑ... මොකද නිවැරදිව ස්කන්ධය කිරාගත හැකි සරල ක්‍රමයක් නැති නිසා.....
දැන් තේරෙනවනේ......... ස්කන්ධය සමාන
වුණ පළියට පුළුන් කිලෝවෙයි යකඩ කිලෝවෙයි බර සමාන නෑ කියල...
----------------------------------------------------------------------------------------------------
යාන්ත්‍රිකයාගේ යාන්ත්‍රික ඉඟිවැකි
දැනගන්න යාන්ත්‍රික සිතිවිල්ල කියවන්න...
ඉතාම හොඳ වැඩක් මේක නම්.. දන්නා දෙයක් බෙදා හදා ගන්න එක වටිනවා නෙව.
ReplyDeleteමං දඩාර් කෙනෙක් නෙමෙයි... ෆිසික්ස් වල මට අවුල් හිතුණු තැන් තමයි මේ..
Deleteඅර පුළුං ගෙනියපු බූරුවත් මේක දැනන් හිටිය නම් අමාරුවෙ වැටෙන්නෙ නෑනේ.. ෆිසික්ස් කියන්නෙ මාරම මාර සබ්ජෙක්ට් එකක් බං....
ReplyDeleteකියල වැඩක් නෑ... එහෙනං ඌ කිලෝ විසිපහක් උණත් ගෙනියයි..
Delete
ReplyDeleteහරියටම හරි , රික්තකයක ඔය දේ ගැන කරපු
පරීක්ෂණ තියෙනවා හරියටම ඔප්පු කරපු...
තවත් මෙතෙක් සොයා නොගත් කරුණු උනත් ඇතුලත්
වෙන්න පුළුවන්.
පෘතුවි චුම්බකත්වය අනුවත් ඊට අනුරූප වස්තුවක බර වෙනස්
වෙනවා.එතනදිත් ජය ගන්නේ යකඩ ..තව ඔය වගේ
ගොඩක් principle ඇසුරෙන් ඔය දේ ගැන බැලුවොත්
පුදුම උත්තර හම්බෙනවා ..
ඇත්ත... මටත් පෙනුනෙ උඩුකුරු තෙරපුම ගැන විතරයි.. තව ගොඩක් පැති තියෙනව..
Deleteදන්න කියන දේවල් තේරෙන භාශාවකින් බෙදා ගන්න එකනම් ගොඩක් වැදගත් යාළුවා
ReplyDeleteතැංකියු... මං මේකෙ දඩ වචනවත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ..
Deleteඇත්තටම හොද කතාවක්... මේක බැලුවම මටත් පරන කතාවක් මතක් උනා ඉස්කෝලෙ යන දවස් වල බහුවරනයක් දුන්න වතුර භාජනේක තියන ජල අනුවක් ඔන්න වාශ්පවෙලා උඩට යනවලු ජල අනුවේ බර උඩට යන විට අඩුවේ වැඩිවේ වෙනස් නොවේ වගේ ටිකක් තිබුන... හරි උත්තරේ හැටියට මොකක් බලාපොරොත්තු උනාද කියන්න නම් දන්නෙ නෑ ඒත් මං දැකපු හරි උත්තරේ බර අඩුවේ කියන එක මොකද ඉහලට යනකොට ගුරුත්ව ක්ශේස්ත්‍ර තීව්‍රතාව අඩුවන හින්ද... ඕකට ඉතින් කස්ටියත් එක්ක ගහගත්ත තාම මතකයි...
ReplyDeleteහොඳ තර්කයක්... ආවට ස්තූතියි..
Deleteඑල එල ................තවත් සියුම්ව බලනව නම් පුලුන් ගොඩේ ගුරැත්ව කේන්ද්රය ; යකඩ ගොඩේ ගුරුත්ව කේන්ද්රයට වඩා ඉහලින් තියෙන්නේ ............. පොළොව මට්ටමේ ඉදන් ඉහලට යද්දි ගුරැත්ව ක්ෂේත්ර තීව්රතාව අඩුවන නිසා පුලුන්ගොඩේ හා යකඩ ගොඩේ බර සමාන වෙන්න නම් F=mg ට අනුව පුලුන් ස්කන්ධය වැඩි වෙන්න ඕනා .......නමුත් ඔබ කියන අවස්ථාවට අනූව යකඩවල ස්කන්ධය ; පුලුන්වල සක්න්ධයට වඩා වැඩිය්........... ඒ නිසා මේ අවස්ථ දෙකේ සම්ප්රයුක්තය ගැන හිතල තමා තීරණේකට එන්න ඕනා
ReplyDelete